Gossips

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිළ නැවතත් පරදී

බටහිර ඉන්දීය කොදෙව් දිවයින් හි පැවැත්වෙන කාන්තා විස්සයි විස්ස ලෝක කුසලාන තරඟාවලියේ තවත් තරඟයකදී ශ්‍රී ලංකාව පරදවා බටහිර ඉන්දීය කොදෙව් කාන්තා පිළ ලකුණු 83ක ජයක් හිමි කර ගත්තා.
කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහර දුන් බටහිර ඉන්දීය කොදෙව් කාන්තා ක්‍රිකට් පිළ සිය පන්දු වාර 20 තුළ දී කඩුලු 5ක් දැවී ලකුණු 187ක් රැස් කළා.
පිළිතුරු වශයෙන් ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිළට පන්දු වාර 17යි පන්දු 4කදී සියළු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 104ක් පමණයි.