Gossips

ශ්‍රී ලංකා ක්‍රීඩකයන් දෙදෙනෙක් ආසියානු ක්‍රීඩා උළෙලේ මීටර් 400 අවසන් පූර්ව වටයට

ඉන්දුනීසියාවේ ජාකර්තා නුවර පැවැත්වෙන 18 වන ආසියානු ක්‍රීඩා උළෙලේ මළල ක්‍රීඩා තරඟ අද ආරම්භ වූ අතර එහි මීටර් 400 පිරිමි මූලික වටයේදී දස්කම් දැක්වීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයන් දෙදෙනෙකු සමත් වුණා.
මූලික වටයේ පළමු තරඟයට සහභාගි වූ එච්.කේ. කාලිංග කුමාරගේ තත්ත්පර 45.99කින් ඉසව්ව නිම කරමින් තුන් වන ස්ථානය හිමි කර ගත් අතර අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබුවා.
මූලික වටයේ 5 වන තරඟයට සහභාගි වූ එස්. අරුණ දර්ශන තත්ත්පර 46.97කින් තරඟය නිමා කරමින් අවසන් පූර්ව වටය සුදුසුකම් ලැබුයේ එම තරඟයේ ප්‍රථමස්ථානය හිමි කර ගනිමින්.