Gossips

ශ්‍රී ලංකා ක්‍රීඩකයන් කලින්ම කළ අමුතුම වැඩේ එළියට

ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය ඉලක්ක කරගනිමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ දුර්වලතා හදුනා ගැනීම සදහා මිලදීගත් නව පරිඝනක මෘදුකාංගය පැළඳ ශ්‍රී ලංකා ක්‍රීඩකයන් අද (16) පැවත්වෙන තීරණාත්මක තරඟය සඳහා පුහුණුවීම් සඳහා එක්ව සිටියා.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මිලදී ගෙන ඇති එම මෘදුකාංගය ස්පාඤ්ඤයේ බාසිලෝනා පාපන්දු කණ්ඩායම භාවිතා කල මෘදුකාංගයක් බවයි වාර්තා වන්නේ.
එය ක්‍රිකට් ක්‍රීඩාවට ගැලපෙන පරිදි වෙනස් කර ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයින්ගේ දුර්වලතා හදුනා ගැනීමට බලාපොරාත්තු වන බවයි ක්‍රිකට් ආයතනය පැවසුවේ.
මේ මෘදුකාංගය සඳහා රුපියල් මිලියන 11කට අධික මුදලක් වැය කර ඇති අතර වාර්ෂිකව නඩත්තු සදහා තවත් රුපියල් මිලියන 3කට අධික මුදලක් මේ සදහා වැය කිරීමට සිදුවනවා.
GPS උපකරණයක් සෑම ක්‍රීඩකයකුගේ ඇගේ සවිකර පුහුණු සැසියේදී සහ තරඟ පැවැත්වෙන අවස්ථාවේදී ක්‍රීඩකයින්ගේ ශාරීරික යෝග්‍යතාව පිලිබදව සියලු විස්තර මේ හරහා ලබාගැනීමට බලාපොරාත්තු වනවා.
එම උපකරණය මගින් ක්‍රීඩකයින් විඩාවට පත්වන ආකරය, හද ගැස්ම වැනි ශාරීරික යෝග්‍යතාවට අදාළ සියලු දත්ත ක්ෂණිකවම ලබාගැනීමට හැකිවනවා.
ඊයේ දිනයේ ක්‍රීඩකයන් එම උපකරණය පැළඳ පුහුණුවීම් සඳහා එක්ව සිටියේ මේ අයුරින්.

නිදහස් කුසලාන පන්දුවාර 20 තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයට සුදුසුකම් ලබන්නට ඉන්දීය කණ්ඩායම පසුගියදා සමත්වුණේ බංග්ලාදේශය සමග පැවති දෙවන තරගය ලකුණු 17 කින් ජය ගනිමින්.
මේ අනුව ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර අද (16) පැවැත්වෙන නිදහස් කුසලානයේ මුලික වටයේ අවසන් තරගය ජය ගන්නා කණ්ඩායම අවසන්
තරගයේදී ඉන්දීය කණ්ඩායමේ ප්‍රතිවාදීන් වනු ඇති.
– හතුරුසිංහ
– පළවෙනි තරගයට අපි සූදානම් වූ විදිහට ම අපි හොදට සූදානම් වුණා. ප්‍රෙපරේෂන් එක හැම තිස්සේම කන්සිස්ටනට් අපිට අවුට්කම් එක ගොඩක් වෙලාවට ඉන්කන්සිස්ටන්ට් වෙන්නේ නැහැ. කාසියේ දෙපැත්තක් තියෙනවා කොයි පැත්ත වැටෙයිද දන්නේ නැහැ. කාසියේ වාසිය දිනුවත් නැතත් කොහොමද අපි මේ තරගයට තරග වදින්නේ කියන ප්ලෑන් කියන එක අපේ තියෙනවා.
rn