Gossips

ශ්‍රී ලංකා ක්‍රිකට් විස්සයි විස්ස අවසන් තරඟයට දඹුල්ල සහ කොළඹ

ශ්‍රී ලංකා ක්‍රිකට් විස්සයි විස්ස ලීග් තරවලියේ අවසන් මහා තරඟය සඳහා කොළඹ සහ දඹුල්ල කණ්ඩායම් සුදුසුකම් ලබා සිටිනවා.
එම තරඟය ලබන ඉරිදා කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගනයේදී පැවැත්වීමට නියමිතයි.
දිනේෂ් චන්දිමාල්ගේ නායකත්වයෙන් යුත් කොළඹ කණ්ඩායම තමන් සහභාගි වූ තරඟ 4 න්ම ජයග්‍රහණය කර ප්‍රසාද ලකුණු 8 ක් ලබා සිටින අතර තිසර පෙරේරාගේ නායකත්වයෙන් යුත් දඹුල්ල කණ්ඩායම තරඟ 04 කට සහභාගි වී 3කින් ජයග්‍රහණය කළා.
කෙසේ නමුත්ල ඊයේ පැවති ලීග් වටයේ තරඟයකදී දඹුල්ල කණ්ඩායම කොළඹ පිල අතින් පරාජය ලැබුවා.
ඊයේ පැවති අනෙක් තරඟයෙන් ගාල්ල කණ්ඩායම පරදවා ජයග්‍රහණය කිරීමට මහනුවර පිල සමත් වූ අතර, එහිදී දසුන් ශානක මහනුවර කණ්ඩායම වෙනුවෙන් පන්දු 52 කදී නොදැවී ලකුණු 105 ක් ලබා ගැනීම විශේෂත්වයක්.