Gossips

ශ්‍රී ලංකා ක්‍රිකට් රසිකයින් ගැන ක්‍රිකට් විස්තර විචාරකයෙකු කනගාටුවෙන්

ශ්‍රී ලංකාවේ ක්‍රිකට් රසිකයින් පිළිබඳව තමන් කණගාටු වන බව ඉන්දීය ක්‍රිකට් විස්තර විචාරකයෙකු වන හර්ෂා බෝගල් පවසනවා.
ඔහු මේ බව පවසා ඇත්තේ සිය නිල ට්විටර් ගිණුමේ සටහනක් තබමින්.
කුසල් මෙන්ඩිස්, නිරෝෂන් දික්වැල්ල සහ ධනංජය ද සිල්වා වැනි ක්‍රීඩකයින්ට හොඳ ක්‍රීඩකයන් විය හැකි නමුත් එසේ නොවීම පිළිබඳව ඔහු එම ට්විටර් සටහනේ සඳහන්කර තිබෙනවා.
එමෙන්ම ශ්‍රි ලංකා වේග පන්දු යවන්නන් නිරන්තරයෙන් ආබාධයන්ට ලක්වීමත්, ප්‍රබල ක්‍රීඩකයෙකු වන ඇන්ජලෝ මැතිව්ස්ට බොහෝ අවස්ථාවලදී ක්‍රීඩා කිරීමට අවස්ථාව නොලැබීම පිළිබදවත් එහි වැඩිදුරටත් සඳහන්.