Gossips

ශ්‍රී ලංකා ක්‍රිකට් මුල් පුටුව ශම්මි සිල්වාට

ක්‍රීඩා අමාත්‍යාංශයේ අද පැවති ක්‍රිකට් නිලවරණයේදී වැඩි ඡන්ද 27 ක් ලබාගනිමින් ක්‍රිකට් ආයතනයේ මුල් පුටුවට ශම්මි සිල්වා තේරී පත්වුණා.
පෙරවරුවේ පැවති නිලවරණයේදී ශම්මි සිල්වා ඡන්ද 83 ක් ලබාගත් අතර, ඔහුත් සමඟ එම ධුරයට තරග කළ ජයන්ත ධර්මදාසට ලබාගත හැකිවූයේ ඡන්ද 56 ක් පමණයි.
නිශාන්ත රණතුංග සමඟ ක්‍රිකට් ලේකම් තනතුරට තරග කළ මොහාන් ද සිල්වා ඡන්ද 96 ක් ලබාගත් අතර, නිශාන්ත රණතුංගට හිමිවුණේ ඡන්ද 45 ක් පමණයි.
උප සභාපති ධුරයට තරග කළ අමාත්‍ය අර්ජුණ රණතුංග මෙවරද පරාජයට පත්වූ අතර, ඔහුට හිමිවූයේ ඡන්ද 72 ක් පමණයි.
ඡන්ද 82 ක් ලබාගත් රවීන් වික්‍රමරත්න සහ ඡන්ද 80 ක් ලබාගත් කේ. මතිවානන් උප සභාපතිවරුන් ලෙස තේරී පත්වුණා.
ශ්‍රී ලංකා ක්‍රිිකට් ආයතනයේ සාමාජිකයන් වන පළාත්, දිස්ත්‍රික්, පරිපාලන සහ අනුබද්ධ යන සංගම් මෙන්ම ක්‍රීඩා සමාජවල නියෝජිතයින් 142 කු මෙවර නිලවරණයේදී ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලබා තිබුණා.