Gossips

ශ්‍රී ලංකා ක්‍රිකට් භයානක තත්ත්වයක – ICC ය දැනුම් දුන් බව ක්‍රිඩා ඇමති කියයි

ශ්‍රී ලංකා ක්‍රිකට් මේ වනවිට භයානක තත්ත්වයකට පැමිණ ඇති බවට අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලයේ දූෂණ මර්දන කමිටුවේ ප්‍රධානියා තමාට දැනුම් දුන් බව ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාෆා ප්‍රකාශ කළා.
ඔහු මේ බව කියා සිටියේ ක්‍රිකට් ආයතනයේ අද (03) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.
පසුගිය ඉරිදා ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන් සමඟ පැවති සාකච්ඡාවකදි තරඟ පාවාදීම සම්බන්ධයෙන් අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලය ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන් වෙත ප්‍රබල අනතුරු ඇගවීමක් සිදුකර තිබෙනවා.
ලොව ක්‍රිකට් ක්‍රීඩා කරන රටවල් අතර, තරඟ පාවාදීම් අතින් දූෂිතම රට ශ්‍රී ලංකාව බවත්, ඊට අදාළ තොරතුරු සහ සාක්ෂි තමන් සතු බවත්, අයි.සී.සී. බලධාරීන් මෙරට ක්‍රිකට් බලධාරීන් වෙත එහිදී ප්‍රකාශ කර තිබෙනවා.
අඛණ්ඩව මෙම තත්ත්වය පැවතියහොත් ටෙස්ට් වරම් ඉවත් කිරීමටත්, ශ්‍රී ලංකා ක්‍රිකට් වෙත ලබාදෙන මූල්‍ය ප්‍රතිපාදන කපා හැරීමටත් සිදුවන බව අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලය, වැඩිදුරටත් දැනුම් දී ඇති බවයි වාර්තා වුණේ.