Gossips

ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන මූල්‍ය නිලධාරියා යළි රිමාන්ඩ්

අත්අඩංගුවට ගනු ලැබූ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන මූල්‍ය නිලධාරී පියල් නන්දන දිසානායක මේ මස 15 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.
ඒ මොහු අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න හමුවට ඉදිරිපත් කිරීමෙන් පසුවයි.
සැකකරුගේ නීතිඥයන් ඉදිරිපත් කළ ඇප ඉල්ලීම ද විනිසුරුවරිය ප්‍රතික්ෂේප කර තිබෙනවා.
එංගලන්ත කණ්ඩායම සමඟ පැවැත්වෙන තරගාවලියේදී රූපවාහිනී අයිතිය විකිණීමට අදාළ මුදල වෙනත් ගිණුමකට යොමු කිරීම සඳහා උපදෙස් ලබාදුන් බවට මොහුට විරුද්ධව චෝදනා එල්ල වනවා.
ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සැකකරුව අත්අඩංගුවට ගනු ලැබුවේ පසුගිය 22 වනදායි.
එම තරගාවලියේ විකාශය අයිතිය වෙනුවෙන් සෝනි ටෙලිවිෂන් ආයතනයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් වෙත ලැබීමට නියමිතව තිබූ ඩොලර් මිලියන 5.5ක වාරිකයක් වෙනත් ගිණුමකට යොමු කිරීමට ඔහු උත්සාහ කළ බවට ද තොරතුරු ලැබී තිබුණා.