ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණය සඳහා පස් දෙනෙකුගෙන් යුත් කමිටුවක් අද පැවති විශේෂ මහා සභා රැස්වීමේදී පත්කර ගෙන තිබෙනවා.
ක්‍රිකට් නිලවරණය සඳහා මීට පෙර පත් කළ කමිටුවට විරෝධතා එල්ල වීමත් සමඟයි අද පෙරවරුවේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ විශේෂ මහා සභා රැස්වීමක් පැවැත්වුණේ.
ක්‍රීඩා අමාත්‍යාංශයේ නිර්දේශය මත පැවැත්වුණු මෙම රැස්වීමේදී මේ අනුව, පස් දෙනෙකුගෙන් යුත් නව කමිටුවක් පත් කර ගැනීමට එකඟත්වය පළ වුණා.
