Gossips

ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණ මැයි 19

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණය මැයි මස 19 වනදා පැවැත්වෙන බව එහි සභාපතිවරයා පවසනවා.
ක්‍රිකට් ආයතනයේ අද (20) පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියා.
එමෙන්ම පසුගියදා නිමාවට පත් වූ නිදහස් කුසලාන ක්‍රිකට් තරඟාවලියෙන් ක්‍රිකට් ආයතනයට රුපියල් ලක්ෂ 5430 ක ලාභයක් ලැබීමට හැකිවූ බව ද එහිදී ඔහු ප්‍රකාශ කළා.
එමෙන්ම, ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රිමියර් ලීග් තරඟාවලිය ලබන අගෝස්තු සහ සැප්තැම්බර් මාසයන්වලදී පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇති බවත් ඒ සම්බන්ධයෙන් ඉදිරියේදී දැනුවත් කිරීම් සිදුකරන බව ද ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියා.