Gossips

ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණය කල්තබයි

ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණය පෙබරවාරි මස 21 වනදා දකවා කල්දැමීමට තීරණය කර තිබෙනවා.
කෙසේ වෙතත් ක්‍රිකට් නිලවරණය පැවැත්වීමට නියමිතව තිබුණේ පෙබරවාරි මස 7 වනදායි.
ඒ අනුව සති දෙකක කාලයක් නිලවරණය තැබෙනු ඇති බවයි ක්‍රීඩා අමාත්‍යංශය පවසන්නේ.
අදාළ නිවේදනයෙන් වැඩිදුරටත් දැක්වෙන්නේ නීතිපතිවරයාගේ උපදෙස් අනුව නෛතික අවශ්‍යතා මත මෙලෙස නිලවරණය කල්දමා ඇති බවයි.
මෙවර ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණයේදී මොහාන් ද සිල්වා, ජයන්ත ධර්මදාස, කේ මතිවානන්, ශම්මි සිල්වා සභාපති ධුරය සඳහා තරඟ වැදීමට නියමිතයි.