ශ්‍රී ලංකා ක්‍රිකට් ක්ෂේත්රයේ පසුගිය කාලය තුළ සිදුවූ බව කියන තරඟ පාවාදීම් ඇතුළු දූෂණ පිළිබඳ තොරතුරු රැසක් වාර්තා වී ඇති බව ජාත්‍යන්තර ක්‍රිකට් සම්මේලනය පවසනවා.
අදාළ තොරතුරු ලබාදීම සඳහා අයි.සී.සී. දූෂණ මර්දන ඒකකය මගින් දින 15ක සහන කාලයක් ශ්‍රී ලංකාවට ලබාදුන්නා.
ඉන් පළමු සතිය තුළම පුද්ගලයන් රැසක් අදාළ තොරතුරු ලබාදීමට පියවර ගෙන ඇති බවයි එම ඒකකයේ ප්‍රධානී ඇලෙක්ස් මාර්ෂල් සඳහන් කළේ.
එමෙන්ම එවැනි තොරතුරු තවදුරටත් ලබාදෙන ලෙස ඔහු ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ගෙන් ඉල්ලා සිටියා.
අදාළ තොරතුරු පූර්ණ රහස්‍යභාවයකින් යුක්තව පරීක්ෂාවට ලක් කරන බැවින් ප්‍රතිවිපාක පිළිබදව බියපත් නොවිය යුතු බවයි ඇලෙක්ස් මාර්ෂල් කියා සිටියේ.