Gossips

ශ්‍රී ලංකා ක්‍රිකට් ගැන ක්‍රිකට් විචාරකයින්ගෙන් ප්‍රකාශයක්

ආසියානු කුසලානයේ අද (17) පැවැත්වෙන දෙවන තරඟයේදී ශ්‍රී ලංකා පිලට ඇෆ්ගනිස්ථාන කණ්ඩායම අවතක්සේරු කල නොහැකි බව ක්‍රිකට් විචාරකයින් පවසනවා.
ඔවුන් පෙන්වා දෙන්නේ ශ්‍රී ලංකාව පසුගිය වකවානුවේ එක්දින තරඟවලදී දැක්වූ දුර්වල ක්‍රීඩා විලාසය මෙම තත්ත්වයට හේතු වී ඇති බවයි.
ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්ථානය අතර දෙවන තරඟය අබුඩාබි හිදී ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 5 ට ආරම්භවීමට නියමිතයි.
ඇෆ්ගනිස්ථාන දඟ පන්දු යවන්නන්ගෙන් ශ්‍රී ලංකා පිල ප්‍රවේසම් විය යුතු බවද ක්‍රීඩා විචාරකයන් පෙන්වා දෙනවා.
මේ අතර අද තරඟයට බොහෝදුරට එක්විය හැකි බවට සඳහන් කණ්ඩායම් ද්විත්වය විදෙස් මාධ්‍ය මෙලෙස වාර්තා කර තිබුනා.
Sri Lanka :
1 Kusal Mendis,
2 Upul Tharanga,
3 Dhananjaya de Silva,
4 Kusal Perera (wk),
5 Angelo Mathews (capt),
6 Dasun Shanaka,
7 Thisara Perera,
8 Suranga Lakmal,
9 Akila Dananjaya,
10 Amila Aponso,
11 Lasith Malinga
Afghanistan :
1 Mohammad Shahzad (wk),
2 Ihsanullah,
3 Rahmat Shah,
4 Hasmatullah Shahidi,
5 Gulbadin Naib,
6 Asghar Afghan (capt),
7 Mohammad Nabi,
8 Najibullah Zadran/Sayed Shirzad,
9 Rashid Khan,
10 Aftab Alam,
11 Mujeeb Ur Rahman