Gossips

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ වැටුප් ඉහළට

2018 – 2019 වසරට අදාළව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයන්ගේ වැටුප් 34% කින් ඉහළ දමා ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසනවා.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වාර්ෂික ක්‍රීඩක කොන්ත්‍රාත් ගිවිසුම අද(22) ප්‍රකාශයට පත් කළා.
එම ගිවිසුම එලි දක්වමින් ක්‍රිකට් ආයතන සභාපතිවරයා පැවසුවේ මෙවර ක්‍රීඩකයින්ගේ දීමනා ඉහල දැමීමට ක්‍රියා කළ බවයි.
කෙසේවෙතත් මෙවර කොන්ත්‍රාත් ගිවිසුම් සදහා ඇතුලත් කර ඇත්තේ ක්‍රීඩකයින් 34දෙනකු පමණයි.
ඒ කාණ්ඩ 5ක් යටතේ.
ඉහලම කාණ්ඩය වන "A" කාණ්ඩයෙන් කොන්ත්‍රාත් ගිවිසුම් සදහා ඇතුලත් කර ඇත්තේ දිනේෂ් චන්දිමාල්, ඇන්ජලෝ මැතිව්ස්, දිමුත් කරුණාරත්න, සුරංග ලක්මාල් සහ රංගන හේරත්.
උපුල් තරංග සහ දිල්රුවන් පෙරේරා "B" කාණ්ඩයට ඇතුලත් කර තිබෙනවා.
"C" කාණ්ඩයට ඇතුලත් ක්‍රීඩකයින් වන්නේ කුසල් මෙන්ඩිස්, කුසල් ජනිත්, ධනංජය ද සිල්වා, තිසර පෙරේරා සහ නිරෝෂන් දික්වැල්ල.
"D" කාණ්ඩයට අකිල ධනංජය, දුෂ්මන්ත චමීර, අසේල ගුණරත්න, ධනුෂ්ක ගුණතිලක සහ නුවන් ප්‍රදීප් ඇතුලත්.
අවසන් කොන්ත්‍රාත් කාණ්ඩය ප්‍රමුඛ කාණ්ඩය ලෙස නම් කර ඇති අතර එම කාණ්ඩයට ඇතුලත් ක්‍රීඩකයින් වන්නේ, සදීර සමරවික්‍රම, රොෂේන් සිල්වා, ලහිරු තිරිමාන්න, විශ්ව ප්‍රනාන්දු, ලක්ෂාන් සඳකැන්, ජෙෆ්රි වැන්ඩර්සේ, දසුන් ශානක, කෞෂාල් සිල්වා, ෂෙහාන් මධුශංක, ලහිරු කුමාර, මාලින්ද පුෂ්පකුමාර, අමිල අපොන්සු, වනිඳු හසරංග, ඉසුරු උදාන සහ ඩිල්ශාන් මුණවීර.
මේ කොන්ත්‍රාත් ගිවිසුම් සකසා ඇති ආකාරය අතිශය ගැටළු සහගතයි.
ඊට හේතු වී ඇත්තේ මෙරට සිටින දක්ෂතම සහ ප්‍රවීනම සීමිත පන්දුවාර තරගවලට ක්‍රීඩා කරන තිසර පෙරේරා C කාණ්ඩය දක්වා පහලට වැටීමයි.
එමෙන්ම කුසල් මෙන්ඩිස්ද C කාණ්ඩයට ඇද දැමීම මතභේදයට තුඩු දෙනවා.
මේ අතර පසුගිය කාල සමයේදී ටෙස්ට් කණ්ඩායමේ හොදම ක්‍රීඩකයා වූ රොෂේන් සිල්වා අවසන් කාණ්ඩය දක්වා ඇඳ දමා ඇත්තේ ඔහු කල සේවය කිසි ලෙසකට ඇගයීමකට ලක් නොකරමින්.