ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ කළමනාකරු ලෙස හිටපු ටෙස්ට් නායක මෙන්ම හිටපු කළමනාකරුවෙක් සහ පුහුණුකරුවෙක් වන දුලිප් මෙන්ඩිස් කැඳවීමට තීරණය කර ඇති බව වාර්තා වනවා.
ඒ අනුව ඔහු තේරීම් කමිටුවේ සභාපතිවරයා ලෙසද නම් කිරීමට සුදානම් බවයි පැවසෙන්නේ.
මේ අනුව වර්තමාන තේරීම කමිටු සභාපති ග්‍රැහැම් ලැබ්රෝයි එම තනතුරෙන් ඉවත් කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.
මීට පෙරද දුලිප් මෙන්ඩිස් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සහ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ විවිධ තනතුරු රැසක් හෙබවූ අතර ඔහු ඕමාන් ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙසයි සේවය කළේ.
