Gossips

ශ්‍රී ලංකා ක්‍රිකට් උඩුයටිකුරු කරමින් එළඹෙන 31 සිදුවන වෙනස එළියට ?

ශ්‍රී ලංකා ක්‍රිකට් උඩුයටිකුරු කරමින් එළඹෙන 31 සිදුවන වෙනස එළියට ?"
ක්‍රිකට් සභාපතිධුරය සඳහා නාමයොජනා භාරදෙයි
එළඹෙන 31 වැනිදා පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ධුරය සඳහා සිව්දෙනෙකු අතර සටනක් නිර්මාණය වී තිබෙනවා.
ඒ හිටපු සභාපති තිලංග සුමතිපාල, හිටපු සභාපතිවරයෙක් වන ජයන්ත ධර්මදාස, හිටපු සභාපතිවරයෙක් සහ හිටපු ලේකම්වරයෙක්වන මොහාන් ද සිල්වා සහ හිටපු ලේකම්වරයෙක් වන නිශාන්ත රණතුංග යන පුද්ගලයින් අතරයි.
ඔවුන් සිව්දෙනාගේ නාමයෝජනා නිලවරණ කමිටුව වෙත අද(21) භාරදුන් අතර ඒ පිළිබඳ විරෝධතා ඇත්නම් හෙට දිනට ප්‍රථම ඉදිරිපත් කරන ලෙසද දන්වා ඇති බවයි සඳහන් වන්නේ.
මේ අතර නිශාන්ත රණතුංග මහතා ලේකම්ධුරය සදහාද නාම යෝජනා භාරදී තිබීම විශේෂත්වයක්.
එමෙන්ම තිලංග සුමතිපාල පාර්ශවය නියෝජනය කරන මොහාන් ද සිල්වාද සභාපතිධුරයට නාමයෝජනා භාරදී ඇති අතර ඔහු උප සභාපති සහ ලේකම් තනතුරු සදහාද නාමයෝජනා භාරදුන්නා.
ක්‍රිකට් ආයතන භාණ්ඩාගාරික ශම්මි සිල්වා මෙවර භාණ්ඩාගාරික ධුරයට අමතරව උප සභාපති සහ ලේකම්ධුරය සදහා නායෝජන භාරදී තිබෙනවා.
මෙලස ක්‍රිකට් ආයතනයේ වත්මන් නිලධාරී මණ්ඩල සාමාජිකයන් සහ හිටපු නිලධාරීන් තනතුරු රැසක් සදහා නාමයෝජනා භාරදී ඇත්තේ ඉදිරියේදී ඇතිවීමට නියමිත නීතිමය බාධාවන් මැද තම පාර්ශ්වයට බලය ලබාගැනීමේ අරමුණෙන් බවයි වාර්තා වන්නේ.