Gossips

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ICCයෙන් රුපියල් බිලියන 2ක්

අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් අත්හිටුවා තිබු ඇමරිකානු ඩොලර් මිලියන 11.5ක් හෙවත් රුපියල් බිලියන 2කට අධික මුදලක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට නිදහස් කිරීමට තිරණය කර තිබෙනවා.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ විධායක කමිටුව සමඟ පැවැති සාකච්ඡාවකින් අනතුරුවයි ඔවුන් මෙම මුදල් ලබා දීමට තීරණය කර ඇත්තේ.
පසුගිය වසරේ ජුලි මස ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණය නියමිත කාලයට නොපැවැත්වීම හේතුවෙන් අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් අත්හිටුවීමට තීරණය කළ අතර නිලවරණය පවත්වා නිසි ක්‍රමවේදය යටතේ නිලධාරී පත්කර ගැනීම හේතුවනුයි එම මුදල නිදහස් කිරීමට අයිසිසිය පියවර ගත්තේ.
මෙම හමුවට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා ඇතුළු ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ විධායක කමිටු සාමාජිකයන් පිරිසක් එක්වුණා.