Gossips

ශ්‍රී ලංකා ක්‍රිකට්වලට විනකළ මාතර යමුනා ගැන අලුත්ම හෙළිදරව්ව

ශ්‍රී ලංකා ක්‍රිකට්වලට විනකළ මාතර යමුනා ගැන අලුත්ම හෙළිදරව්ව "
ක්‍රිකට් තරඟ මුදලට පාවා දීමේ සිදුවීම් පිලිබඳ, ජගත් ක්‍රිකට් කවුන්සිල දූෂණ මර්ධන ඒකකය ශ්‍රී ලංකාව තුළ කලක පටන් පරීක්ෂණ සිදු කරනවා.
කෙසේවෙතත් ඒ හරහා අනාවරණ වී තිබෙන කරුණු මගින් හෙළිදරව් වන්නේ මෙරට ක්‍රිකට් ක්‍රීඩාවට එතරම් සුබදායී තත්ත්වයක් නම් නොවේ.
2017 වසරේ සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව පැවති එක්දින ක්‍රිකට් තරගාවලිය පරාජය වීමත් සමග මෙරට ක්‍රිකට් තරග මුදලට පාවා දීම පිලිබඳ සමාජයේ පුළුල් කතිකාවක් ඇතිවුණා.
ජගත් ක්‍රිකට් කවුන්සිල දූෂණ මර්ධන ඒකකය තරග පාවාදීම් පිලිබඳ මෙරට පරීක්ෂණයක් ආරම්භ කළේ ක්‍රීඩාවට සම්බන්ධ බොහෝ දෙනෙකු ප්‍රශ්න කිරීම්වලට සහ ජංගම දුරකථන සහ පරිඝණක දත්ත පරීක්ෂාවන්ට පවා ලක් කරමින්.
මේ අතර මෙතෙක් කලක් බලධාරීන් වෙත වාර්තා නොකළ දූෂණ සිදුවීම් දැනුම් දීම සඳහා ජගත් ක්‍රිකට් කවුන්සිලය මෙරට ක්‍රිකට් ප්‍රජාව වෙත පොදු සමා කාලයක් ද ලබා දුන්නා.
එම කාලයේදී 12 දෙනෙකු පමණ තරග පාවාදීමට පොළඹවා ගැනීමේ උත්සාහයන් පිලිබඳ දැනුම් දී ඇති බවයි වාර්තා වන්නේ.
ජගත් ක්‍රිකට් කවුන්සිල දූෂණ මර්ධන ඒකකයේ විශ්වාසකටයුතු ආරංචිමාර්ග හරහා වාර්තා වන්නේ මෙරට ක්‍රිකට් ක්‍රීඩකයන් මුදලට තරග පාවාදීම සඳහා පොලඹවා ගැනීමේ ප්‍රධාන තැරැව්කාරිය මාතර ප්‍රදේශයේ පදිංචි යමුනා නම් කාන්තාවක් බවයි.
හිටපු ප්‍රධානපෙළේ ක්‍රිකට් ක්‍රීඩකයෙකු හරහා නවක ක්‍රීඩකයන් හඳුනා ගන්නා මෙම කාන්තාව ඔවුන්ව ලිංගික ඇසුර සඳහා පොළඹවා ගන්නා බව අයි.සී.සී. දූෂණ මර්ධන ඒකකය අනාවරණ කරගෙන තිබෙනවා.
අයි.සී.සී. දූෂණ මර්ධන ඒකකයේ ආරංචිමාර්ග ඔස්සේ වැඩිදුරටත් වාර්තා වන්නේ අදාළ කාන්තාව එසේ තම වසඟයට ගන්නා ක්‍රීඩකයන් ඉන්දීය බුකී කරුවකු හරහා තරඟ පාවාදීමට යොමු කරන බවයි.
කෙසේ වෙතත් අදාළ කාන්තාව ක්‍රීඩාව සමග ඍජු සම්බන්ධයක් නොමැති බැවින් ඇයට විරුද්ධව කිසිදු ක්‍රියාමාර්ගයක් ගැනීමට ජගත් ක්‍රිකට් කවුන්සිලයට හෝ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට හැකියාවක් නැහැ.
එමනිසා තරග පාවාදීම අපරාධ වරදක් බවට පත් කරන ලෙස ජගත් ක්‍රිකට් කවුන්සිලය මෙරට ක්‍රීඩා බලධාරීන්ගෙන් ඉල්ලීමක් කර ඇති බවද වාර්තා වනවා.
ජගත් ක්‍රිකට් කවුන්සිල දූෂණ මර්ධන ඒකකයේ පරීක්ෂණ හරහා හිටපු ක්‍රීඩකයන් වන සනත් ජයසූරියට සහ දිල්හාර ලොකුහෙට්ටිගේට චෝදනා ඉදිරිපත් වූ අතර ජයසූරියට වසර දෙකක ක්‍රිකට් තහනමක්ද පනවා තිබෙනවා.