නවසීලන්ත කණ්ඩායම සමඟ වෙලින්ටන් හි පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ තුන්වන දිනය අද නිමාවට පත්වන විට සිය දෙවන ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලූ 3ක් දැවී ලකුණු 20 ක් ලබා සිටිනවා.
ශ්‍රී ලංකාව පළමු ඉනිම සඳහා සියලූදෙනා දැවී රැස් කළේ ලකුණු 282 ක් පමණයි.
නවසීලන්ත කණ්ඩායම සිය පළමු ඉනිම සඳහා සියලූම ක්‍රීඩකයින් දැවී ලකුණු 578ක් රැස් කළා.
එහිදී විශිෂ්ඨ ඉනිමක් ක්‍රීඩා කළ ටොම් ලේතම් නොදැවී ලකුණු 264 ක් රැස් කළ අතර, එය ඔහුගේ මංගල ද්විත්ව ශතකයයි.
ටෙස්ට් ඉනිමකදී ලකුණු 302 ක් ලබාගනිමින් බ්‍රෙන්ඩන් මැකලම් ඉනිමකදී නවසීලන්තය වෙනුවෙන් වැඩිම ලකුණු සංඛ්‍යාවක් වාර්තා කළ ක්‍රීඩකයා ලෙස තවමත් පෙරමුණේ පසුවනවා.
පන්දු යැවීමේදී ළහිරු කුමාර කඩුලූ 4 ක් බිඳ හෙලීමට සමත්වුණා.
ශ්‍රී ලංකා පිල මේ වන විට නවසිලන්ත පලමු ඉනිමට වඩා ලකුණු 276ක් පසුපසිනුයි පසුවන්නේ.