Gossips

ශ්‍රී ලංකා කණ්ඩායම දෙසැම්බරයේ නවසීලන්තයට

ටෙස්ට්, එක්දින සහ විස්සයි විස්ස තරග කිහිපයකට සහභාගිවීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ලබන මාසයේ නවසීලන්තයේ සංචාරයක නිරතවීමට නියමිතයි.
එහිදී ටෙස්ට් තරග 2 ක්, එක්දින තරග 3 ක් සහ එක් විස්සයි විස්ස තරගයක් ඊට ඇතුළත්. දෙරට අතර පළමු ටෙස්ට් තරගය ලබන මස 15 වනදා ආරම්භ වන්නේ නවසීලන්තයේ වෙලින්ටන් හිදියි.