Gossips

ශ්‍රී ලංකා කණ්ඩායමේ සුපිරි ක්‍රිකට් ක්‍රීඩක ධනංජය ද සිල්වාගේ පියාට වෙඩි තැබූ හැටි මෙන්න

ශ්‍රී ලංකා කණ්ඩායමේ සුපිරි ක්‍රිකට් ක්‍රීඩක ධනංජය ද සිල්වාගේ පියාට වෙඩි තැබූ හැටි මෙන්න "
රත්මලානේ වෙඩි තැබීමකින් ධනංජය ද සිල්වාගේ පියා ජීවිතක්ෂයට
රත්මලාන ඥානේන්ද්‍ර පාරේ සිදුවු වෙඩි තැබීමකින් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනංජය ද සිල්වාගේ පියා ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
පොලිසිය සඳහන් කළේ රාත්‍රී 8.30 ට පමණ වෙඩි තැබීම සිදුව ඇති බවයි.
එහිදී තවත් දෙදෙනෙකු තුවාල ලබා ඇති අතර ඔවුන් කලුබෝවිල රෝහලේ ප්‍රතිකාර ලබනවා.
මියගොස් ඇත්තේ දෙහිවල ගල්කිස්ස මහ නගර සභාවේ නාගරික මන්ත්‍රීවරයෙක් ද වන 62 හැවිරිදි කේ රංජන් ද සිල්වායි.
මෙම වෙඩි තැබීම සම්බන්ධයෙන් ගල්කිස්ස පොලිසිය විමර්ශණ ආරම්භ කර තිබෙනවා.
වෙඩි තැබීමට හේතුවක් හෝ සැකකරුවන් සම්බන්ධයෙන් මෙතෙක් අනාවරණ වි නැහැ.