Gossips

ශ්‍රී ලංකා කණ්ඩායමේ සුපිරි ක්‍රීඩකයා පන්දුවට සමුදෙයි ?

ශ්‍රී ලංකා සීමිත පන්දුවාර ක්‍රිකට් නායක තුන් ඉරියව් ක්‍රීඩක ඇන්ජලෝ මැතිව්ස් ඉදිරියේදී පන්දු යැවීමෙන් ඉවත්වීමට අදහස් කරගෙන සිටින බව ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු සභාපති ග්‍රැහැම් ලැබ්බ්‍රෝයි පවසනවා.
හොඳම ක්‍රීඩකයින්ගෙන් වැඩි සේවාවක් ලබාගැනීමේ අරමුණින් ඔවුන් අබාධවලට ලක්වීම වලක්වාගැනීම සඳහා මේ තීරණය ගත් බවයි තේරීම් කමිටු සභාපතිවරයා පවසන්නේ.
මේ අනුව ඉදිරියේදී මැතිව්ස් එක්දින, ටෙස්ට් සහ පන්දුවාර 20 තරගවලදී විශේෂඥ පිතිකරුවෙකු ලෙස කණ්ඩායමට එක්වීමට නියමිතයි.