Gossips

ශ්‍රී ලංකා කණ්ඩායමේ මීළඟ අරමුණ

එක්දින තරගාවලියේදී පහට බින්දුවක් ලෙස පූර්ණ පරාජයක් ලැබූ ශ්‍රී ලංකා පිළ අද කේප්ටවුන් – නිව්ලන්ඩ්ස් ක්‍රීඩාංගණයේදී විස්සයි විස්ස ජාත්‍යන්තර තරගාවලිය ආරම්භ කරන්නේ ලෝක කුසලාන තරගාවලියට පෙර සීමිත පන්දු වාර ජයක් ලැබීමේ අරමුණින්.
දකුණු අප්‍රිකාව ද මෙම තරගාවලිය සිය ලෝක කුසලාන සංචිතය තෝරා ගැනීම සඳහා යොදා ගනු ඇති බව ක්‍රීඩා විචාරකයන් පෙන්වා දෙනවා.
අද තරඟය සඳහා සදීර සමරවික්‍රම සහ ජෙෆ්රි වැන්ඩසේ මෙන්ම වේග පන්දු යවන ක්‍රීඩක අසිත ප්‍රනාන්දු ද ශ්‍රී ලංකා පිළට එක් වනු ඇතැයි අපේක්ෂිතයි.