Gossips

ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිකරුවන්ගේ ආරම්භය ගැන සතුටු වනවා – ලසිත් මාලිංග

තණතිල්ලේ පවතින වෙනස්කම් හදුනාගෙන දෙවන එක්දින තරගයට වඩා හොදින් සුදානම් වන ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් නායක ලසිත් මාලිංග පවසනවා.
නවසීලන්තය අතර පැවැති පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාව ලකුණු 45කින් පරාජය වූ අතර ඉන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ශ්‍රී ලංකා ක්‍රිකට් නායකයා මේ බව ප්‍රකාශ කළා.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ලසිත් මාලිංග කියා සිටියේ අවශ්‍ය අවස්ථාවේදී කඩුලු ලබා නොගැනීම තරගය පරාජය වීමට මුලික හේතුව බවයි.
කෙසේ වෙතත් ශ්‍රී ලංකා කණ්ඩායමේ මුල් පිතිකරු යුගලය වූ නිරෝෂන් දික්වැල්ල හා ධනුෂ්ක ගුණතිලක ගොඩනැගු ශතක සබඳතාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නායකයා ලෙස තමා සතුටු වන බවයි ලසිත් මාලිංග වැඩිදුරටත් කියා සිටියේ.