Gossips

ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන ඉලක්කය චන්දිමාල් හෙලිකරයි

තමන් ඇතුළු ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන ඉලක්කය ලෝක කුසලානය බව ශ්‍රී ලංකා නායක දිනේෂ් චන්දිමාල් ප්‍රකාශ කළා.
ඊයේ තරඟයෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව ප්‍රකාශ කළා.
මේ අතර තමන්ට ලකුණු රැස් කිරීමට උපකාරී වූ විශේෂ පහරක් ගැන මෙන්ම කුසල් මෙන්ඩිස් කණ්ඩායමේ රඳවා ගැනීමට හේතුවද චන්දිමාල් එහිදී හෙළිකළා.
ඊයේ පැවති තරඟයේ කාසියේ වාසිය දිනා ගත් ශ්‍රී ලංකා කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දෙමින් සිය පන්දු වාර 50 අවසානයේ කඩුලු 6ක් පමණක් දැවී ලකුණු 366ක් රැස් කළා.
නිරෝෂන් දික්වැල්ල ලකුණු 95යි.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කරමින් සිටියදී වර්ෂාවෙන් බාධා එල්ල වූ අතර ඒ වන විට එංගලන්ත කණ්ඩායම පන්දු වාර 26යි එක් පන්දුවක් අවසානයේ කඩුලු 9කට ලකුණු 132ක් ලබා සිටියා.
ඒ අනුව ඩක්වත් ලුවිස් න්‍යායට අනුව තරඟයේ ජය ශ්‍රී ලංකා කණ්ඩායමට හිමි වුණා.
කෙසේ වෙතත් සමස්ත එක්දින තරගාවලියේ ජයග්‍රහණය තුනට එකක් ලෙස එංගලන්තය තමන් සතු කර ගත්තා.
ඊයේ අවසන් එක්දින තරඟයෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක දිනේෂ් චන්දිමාල්.