Sports

ශ්‍රී ලංකා කණ්ඩායමෙන් බංග්ලාදේශයට ප්‍රබල පිළිතුරක්

ශ්‍රී ලංකා කණ්ඩායමෙන් බංග්ලාදේශයට ප්‍රබල පිළිතුරක්
ශ්‍රී ලංකා කණ්ඩායමෙන් බංග්ලාදේශයට ප්‍රබල පිළිතුරක්

ශ්‍රී ලංකා සහ බංග්ලාදේශ කණ්ඩායම් අතර පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ සිව් වැනි දිනය අදයි.

අද දිනය සඳහා තරගය නතර කරන විට දෙවැනි ඉනිම ක්‍රීඩා කරන බංග්ලාදේශ කණ්ඩායම කඩුලු 3 ක් දැවී රැස් කර ගෙන සිටින ලකුණු සංඛ්‍යාව 81 කි.

ඉනිමක පරාජයෙන් බේරීම සඳහා බංග්ලාදේශය හෙට දිනයේදී තවත් ලකුණු 119 ක් රැස් කළ යුතු වේ.

චිතගොන් හිදී පැවැත්වෙන තරගයේ පළමු ඉනිම ක්‍රීඩා කළ බංග්ලාදේශ ක්‍රීඩකයින් සියලු දෙනා දැවී ලකුණු 513 ක් රැස් කළේය.

ඊට පිළිතුරු පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි ශ්‍රී ලංකා කණ්ඩායම අද දිනය සඳහා තරගය ආරම්භ කරන විට කඩුලු 3 ක් දැවී රැස් කර ගෙන සිටි ලකුණු සංඛ්‍යාව 504 කි.

සිය දෙවැනි ටෙස්ට් තරගයට ක්‍රීඩා කරන රොෂේන් සිල්වා මංගල ශතකය වාර්තා කරමින් ලකුණු 109 ක් රැස් කළේය.

නායක දිනේෂ් චන්දිමාල් ලකුණු 87 ක් රැස් කළ අතර නිරෝෂන් දික්වැල්ල ලකුණු 62 යි.

තයිජුල් ස්ල්ම් කඩුලු 4 ක් දවා ගත්තේය.

ශ්‍රී ලංකා ක්‍රීඩකයින් කඩුලු 9 ක් දැවී ලකුණු 713 ක් රැස් කර ගෙන සිටියදී ඉනිම අත්හිටු වීමට තීරණය කළේය.

අනතුරුව දෙවැනි ඉනිම සඳහා පිටියට පිවිසි බංග්ලාදේශ කණ්ඩායමේ මුල් කඩුලු 3 ලකුණු 81 ක් තුළදී බිඳ වැටුණි.

තමීම් ඉක්බාල් ලකුණු 41 ක් රැස් කළ අතර මුෂ්ෆිකර් රහීම් ලකුණු 2 කට දැවී ගියේය.