දකුණු අප්‍රිකාවට එරෙහිව එරටදීම තරග 2 ට බින්දුවක් ලෙසට පූර්ණ ටෙස්ට් තරගාවලි ජයග්‍රහණයක් ලැබූ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සුබපැතුම් එක්කර තිබෙනවා.
ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ නව පරිච්ඡේදයක් සනිටුහන් කරමින් තැබූ මෙම සුවිශේෂී සලකුණ පිළිබඳ ශ්‍රී ලංකා කණ්ඩායමේ වත්මන් නායක දිමුත් කරුණාරත්න ඇතුලු සාමාජිකයන්ට ජනාධිපතිවරයා සිය ස්තුතිය පළ කරන බවයි නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපති මාධ්‍ය අංශය කියාසිටියේ.
එමෙන්ම නව ජවයකින් ඉදිරියට යමින් මාතෘ භූමිය වෙනුවෙන් තවත් මෙවන් සුවිශේෂී ජයග්‍රහණ ලබා ගැනීමට ශක්තිය ධෛර්යය සහ වාසනාව ලැබේවායි ද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ආශීර්වාද කර තිබෙනවා.
ශ්‍රී ලංකාව ඊයේ දකුණු අප්‍රිකාවට එරෙහි තරගාවලි ජයග්‍රහණය ලබාගත්තේ එවැනි දක්ෂතාවක් දැක්වූ පළමු ආසියාතික රට බවට පත් වෙමින්.
මේ අතර ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු ප්‍රවීණයන් කිහිප දෙනෙකු ද කණ්ඩායමේ ජයග්‍රහණය පිළිබඳ සුබ පැතුම් එක්කර තිබෙනවා.
සිය ට්විටර් ගිණුම් ඔස්සේ සටහන් තබමින් රංගන හේරත්, රසල් ආනල්ඩ්, මහේල ජයවර්ධන කුමාර් සංගක්කාර මෙන්ම චමින්ද වාස් ද ශ්‍රී ලංකා කණ්ඩායමට සුබ පැතුම් එක් කළා.