Gossips

ශ්‍රී ලංකා කණ්ඩායමට ඕස්ට්‍රේලියාවෙන් පුහුණුකරුවෙක්

හතුරුගේ අනුමැතිය ඇතිව ශ්‍රී ලංකා කණ්ඩායමට අලුත්ම සාමාජිකයෙක් එක්වන ලකුණු
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ දඟ පන්දු පුහුණුකරු ලෙස ඕස්ට්‍රේලියානු ජාතික පීටර් ස්ලීප් නම් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සූදානම් වන බවට අභ්‍යන්තර ආරංචිමාර්ග පවසනවා.
පීටර් ස්ලීප් මේ තනතුරට නම් කිරීමට සූදානම් වන්නේ චන්දික හතුරුසිංහගේ අනුමැතිය ඇතිව බවයි ක්‍රිකට් අභ්‍යන්තර ආරංචි මාර්ග පවසන්නේ.
ඕස්ට්‍රේලියාවෙන් බිහිවූ දක්ෂ දඟපන්දු යවන්නෙකු වන පීටර් ස්ලීප් ඕස්ට්‍රේලියාව වෙනුවෙන් ටෙස්ට් තරග 14කට ක්‍රීඩා කර තිබෙනවා.
එහිදී ටෙස්ට් කඩුලු 37ක් දවාගැනීමට ඔහු සමත්වුණා.
මේ වන විට 61 හැවිරිදි පීටර් ස්ලීප් ඕස්ට්‍රේලියා දේශීය ක්‍රිකට් තරගබිම්වලදී සුපිරි දස්කම් දක්වා ඇති අතර ඔහු දේශීය ක්‍රිකට් තරගාවලිවලදී කඩුලු 300කට වඩා දවාගෙන තිබෙනවා.
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ දඟපන්දු යවන්නන්ගේ පුහුණුකරු සඳහා නම් කිහිපයක් පසුගියදිනවලදී යෝජනා වූ අතර එම නම් අතරින් මොහු ප්‍රධාන දඟ පන්දු පුහුණුකරු ලෙස පත්කිරීමේ වැඩි ඉඩකඩක් පවතින බවයි වාර්තාවන්නේ.
මේ අතර පකිස්ථානයෙන් බිහිවූ දක්ෂ දඟ පන්දු යවන්නෙක් වන මුෂ්ටාක් අහමඩ් ශ්‍රී ලංකා පිළේ දඟ පන්දු පුහුණුකරු ලෙස එක්කර ගැනීමට යන බවට පසුගිය සතියේ තොරතුරු වාර්තා වුණා.