Gossips

ශ්‍රී ලංකා කණ්ඩායමට අවසන් අවස්ථාව අද හිමිවෙයි

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ දකුණු අප්‍රිකානු කණ්ඩායම අතර පැවැත්වෙන තරඟ 05කින් සමන්විත එක්දින තරඟාවලියේ පස්වන සහ අවසන් එක්දින තරඟය අද (16) පැවැත්වෙනවා.
තරඟය පැවැත්වෙන්නේ කේප් ටවුන් හිදීයි.
දෙරට අතර නිමාවූ එක්දින තරඟ 04ම ජය ගන්නට දකුණු අප්‍රිකානු කණ්ඩායම සමත් වූ අතර ශ්‍රී ලංකා කණ්ඩායමට අවමන් සහගත පරාජයෙන් ගැලවීම ඇති අවසන් අවස්ථාව අද තරඟයයි.
මෙම තරඟය ජයගතහොත් දකුණු අප්‍රිකානු කණ්ඩායමට පූර්ණ එක්දින තරඟාවලි ජයක් හිමිවෙනවා.
දෙරට අතර පැවැත්වෙන තරඟ තුනකින් සමන්විත විස්සයි විස්සස තරඟාවලිය ලබන 19 වනදා ආරම්භ වීමට නියමිතයි.