Gossips

ශ්‍රී ලංකා – එංගලන්ත සිව් වන එක්දින තරඟය අද

සංචාරක එංගලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර සිව් වන එක්දින තරඟය අද මහනුවර – පල්ලෙකැළේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනවා.
තරඟය උදෑසන 10ට ආරම්භ වීමට නියමිතයි.
තරඟ 5කින් යුත් එක්දින තරගාවලියේ දෙකට බින්දුවක් ලෙස පෙරමුණේ පසුවන්නේ එංගලන්ත කණ්ඩායමයි.
කෙසේ වෙතත් අද තරඟය ශ්‍රී ලංකා කණ්ඩායමට තීරණාත්මක වනු ඇති.
ඒ මෙම තරඟය ශ්‍රී ලංකාව පරාජය වුවහොත් එය පිට පිටම ශ්‍රී ලංකා කණ්ඩායම මව්බිමේදී ලබන 5 වන එක්දින තරඟාවලි පරාජය වනු ඇති.
මෙම තරඟය ජයගනු ලැබුවද එම අවදානම ශ්‍රී ලංකා කණ්ඩායමට අවසන් එක්දින තරඟයේදීද පවතින අතර අද තරඟය සහ අවසන් තරඟය ශ්‍රී ලංකාව ජයගනු ලැබුවහොත් තරඟාවලිය 2 ට 2 ක් ලෙස සම වනු ඇති.
මේ අතර අද තරඟයට බොහෝදුරට එක්විය හැකි බවට විදෙස් මාධ්‍ය වාර්තා කර තිබූ කණ්ඩායම් පහතින්.
Sri Lanka :
1 Sadeera Samarawickrama,
2 Niroshan Dickwella (wk),
3 Upul Tharanga,
4 Dinesh Chandimal (capt),
5 Dhananjaya de Silva,
6 Dasun Shanaka,
7 Thisara Perera,
8 Akila Dananjaya,
9 Amila Aponso,
10 Lasith Malinga,
11 Nuwan Pradeep
England :
1 Jason Roy,
2 Jonny Bairstow/Alex Hales,
3 Joe Root,
4 Eoin Morgan (capt),
5 Ben Stokes,
6 Jos Buttler (wk),
7 Moeen Ali,
8 Chris Woakes,
9 Tom Curran,
10 Adil Rashid,
11 Olly Stone