Gossips

ශ්‍රී ලංකා – එංගලන්ත විස්සයි විස්ස තරඟය අද

සංචාරක එංගලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර විස්සයි විස්ස තරඟය අද කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනවා.
මෙම තරඟයේදී ශ්‍රී ලංකා පිළ මෙහෙය වනු ලබන්නේ තිසර පෙරේරා විසින්.
ලසිත් මාලිංග ද වසරකට පසු මෙම තරඟයේදී ශ්‍රී ලංකා පිළ නියෝජනය කිරීම විශේෂත්වයක්.
එක්දින තරගාවලිය පරාජය වුවද අවසන් තරඟයේදී ශ්‍රී ලංකාව එංගලන්තයට ඔවුන්ගේ දරුණුතම එක්දින පරාජය අත් කර දුන්නා.