ශ්‍රී ලංකාව සහ සංචාරක එංගලන්ත කණ්ඩායම අතර දඹුල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැත්වෙන පළමු එක්දින තරගයට අයහපත් කාලගුණයෙන් බාධා මතුවී තිබෙනවා.
තරගය මීට සුලු වේලාවකට පෙර තාවකාලිකව අත්හිටුවන විට පළමුවෙන් පන්දුවට පහරදෙමින් සිටි එංගලන්ත කණ්ඩායම පන්දුවාර 15 ක් අවසානයේ කඩුලු 2 ක් දැවී ලකුණු 92 ක් ලබා සිටියා.
ජෝ රූට් ලකුණු 25 ක් සහ ඔවින් මෝගන් ලකුණු 14 ක් ලබා පන්දුවට පහරදෙමින් සිටිනවා.
ජේසන් රෝයි ලකුණු 24 ක් සහ ජොනි බෙර්ස්ටෝ ලකුණු 25 ක් ලබා සිටියදී දැවීගියා.
නුවන් ප්‍රදීප් සහ අකිල ධනංජය එක් කඩුල්ල බැගින් බිඳහෙලුවා.
