Gossips

ශ්‍රී ලංකා – එංගලන්ත පළමු එක්දින තරගය හෙට දඹුල්ලේදී

දීර්ඝ තරගාවලි සංචාරයකට එක්ව සිටින එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම ශ්‍රී ලංකාව සමග සිය පළමු අභියෝගයට මුහුණදීම සදහා හෙට දඹුල්ල ක්‍රිකට් ක්‍රීඩාංගනයට පිවිසෙන්නේ දෙරට අතර පළමු එක්දින තරගයට සහභාගී වීම සදහායි.
මෙම කණ්ඩායම් දෙක දඹුල්ලේදී මුණ ගැසෙන්නේ වසර 11කට පසුවයි.
අවසන් වරට 2007 වසරේ පැවති එම තරගය කඩුලු 2කින් ජය ගන්නට එංගලන්ත කණ්ඩායම සමත්වුනා.
කෙසේ නමුත් මේ දිනවල මෙරටට බලපා තිබෙන වැසි සහිත කාලගුණය හෙට තරගයට අයහපත් ආකාරයෙන් බලපානු ඇති බවයි අප වාර්තාකරු සදහන් කලේ.
අදත් ක්‍රීඩාංගනය සම්පුර්ණයෙන්ම ආවරණය කර තිබෙනු දක්නට ලැබුනා.
විටින් විට දඹුල්ලට ඇද හැලෙන වර්ෂාව නිසා දෙපිලේම ක්‍රීඩකයින්ට නිසි පරිදි පුහුණුවීම් සිදු කිරීමට පවා හැකිවුණේ නැහැ.
එකදිගට ලද පරාජයන් ගොන්නකින් හෙම්බත්ව සිටින ශ්‍රී ලංකා කණ්ඩායමට අළු ගසා යලි නැගිට සිටීමට නම් ඔවුන් මෙම තරගාවලියේදී දැනෙන යමක් කල යුතුම වනවා.
එංගලන්තය ජගත් එක්දින ක්‍රිකට් කණ්ඩායම් වර්ගීකරණයේ පළමු තැන පසුවන අතර ශ්‍රී ලංකාව එම වර්ගීකරණයේ අටවන ස්ථානයේ පසුවනවා.
දෙරට අතර පළමු එක්දින තරගය හෙට මෙරට වේලාවෙන් පස්වරු 2.30ට ආරම්භවීමට නියමිතයි.