ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර කොළඹ එස්. එස්. සී ක්‍රීඩාංගණයේ පැවැත්වෙන තුන්වන ටෙස්ට් තරගයේ තුන්වන දිනය අදයි.
ඊයේ දෙවන දිනය අවසානයේ දෙවන ඉනිමේ පන්දුවට පහරදෙන එංගලන්තය කිසිවෙකු නොදැවී ලකුණු 3 ක් ලබා සිටියා.
එංගලන්තය මුල් ඉනිම සඳහා ලකුණු 336 ක් ලබාගත් අතර, ශ්‍රී ලංකා පිල මුල් ඉනිමේදී රැස් කළේ ලකුණු 240 ක් පමණයි.
මේ අනුව එංගලන්තය දෙවන ඉනිමේ කඩුලූ 10 ම අතැතිව ලකුණු 99 ක් ඉදිරියෙන් සිටිනවා.
