මෙම වසරේ අගබාගයේදී එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම ශ්‍රී ලංකාවේ සංචාරයක යෙදීමට නියමිතයි.
එම තරඟාවලියේ පළමු ටෙස්ට් තරඟය පැවැත්වෙන ගාල්ල ක්‍රීඩාංගණයේ තණතීරුව බුකී කරුවන්ට අවශ්‍ය පරිදි වෙනස් කරමින් මුදලට තරඟ පාවාදීමේ සැලැස්මක් හෙළිකර ගැනීමට අල්ජසීරා මාධ්‍යවේදියෙකු සමත් වී තිබෙනවා.
මේ සම්බන්ධයෙන් ඔවුන් සකස්කළ වැඩසටහනක් හෙට (27) දිනයේ විකාශනය වීමට නියමිත බවයි එංගලන්තයේ telegraph වෙබ් අඩවිය වාර්තා කරන්නේ.
එම වෙබ් අඩවියේ පවසන පරිදි ව්යාපාරිකුයෙකු ලෙස වෙස් වලාගත් අල්ජසීරා මාධ්‍යවේදියෙකු ඉන්දීය හිටපු ක්‍රීඩකයෙකු සමඟ පැමිණ ගාල්ල ක්‍රීඩාංගණයේ සහය කළමනාකරු සහ හිටපු ශ්‍රී ලංකා දේශීය ක්‍රීඩකයෙකු සමඟින් එංගලන්ත තරඟාවලියේ පළමු ටෙස්ට් තරඟය පැවැත්වෙන තණතීරුව බුකී කරුවන්ට අවශ්‍ය පරිදි වෙනස් කිරීමට රුපියල් ලක්ෂ 60කට ආසන්න මුදලක් ලබා ගැනීමට එකඟවී තිබෙනවා.
මේ සියල්ල අල්ජසීරා මාධ්‍යවේදියා රූගත කර ඇති බවයි වාර්තා වන්නේ.
එ අනුව ඔවුන් ටෙස්ට් තරඟයේදී තණතීරුව සකසන ආකාරය පිළබඳව එකඟතාවයකට පැමිණ ඇති බවයි අල්ජසීරා වාර්තාව උපුටා දක්වමින් සඳහන් කරන්නේ.
ටෙස්ට් තරඟය දවස් 2කින්, 3කින්, 4කින් හෝ ජය පරාජයෙන් තොරව නිමා කරගැනීමට පිටිය සැකසිය හැකි බවයි ගාල්ල ක්‍රීඩාංගණ නිළධාරියා ඔවුන් සමඟ පවසා ඇත්තේ.
ශ්‍රී ලංකා දේශීය ක්‍රිකට් තරඟාවලියක් නියෝජනය කළ ක්‍රීඩකයෙකුද මේ සඳහා සම්බන්ධ වී තිබෙනවා.
මේ සම්බන්ධයෙන් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලයද අනාවරණය කර ඇති අතර ඔවුන් ඒ සම්බන්ධයෙන් මේ වනවිටත් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව වාර්තා වනවා.
මේ සිද්ධිදාමය ඇතුලත් අල්ජසීරා වාර්තාමය වැඩසටහන හෙට (27) රාත්‍රීයේදී විකාශ වීමට නියමිතයි.