කුලියාපිටිය රෝහල් ඉතිහාසයේ පළමු වරට ගෙලෙහි භාහිර කැපුම් නොමැතිව සිදු කරන ශල්‍යකර්මය අද සාර්ථව සිදු කර තිබෙනවා.
කුලියාපිටිය මුලික රෝහලේ උගුර කන නාසය පිළිබඳ විශේෂඥ වෛද්‍යවරයාගේ මුලිකත්වයෙනුයි සැත්කම සිදුකර ඇත්තේ.
උඩුබද්දාව ප්‍රදේශයේ අවුරුදු 60 ක් වයසැති කාන්තාවක් සැත්කමට ලක්වී ඇති අතර සැත්කමින් පසු ඇය යහපත් සෞඛ්‍ය තත්වයෙන් පසුවන බවයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේ.
තයිරොයිඩ් ග්‍රන්තියේ ඉදිමී තිබු කොටස පැය 4 කට ආසන්න කාලයක් සිදු කල සැත්කම මගින් සාර්ථකව ඉවත්කර තිබෙනවා.
කුලියාපිටිය මුලික රෝහලේ විශේෂඥ වෛද්‍ය රිස්නි සකාෆ් ප්‍රකාශකර ඇත්තේ තම රෝහල් ඉතිහාසයේ පමණක් නොව දිවයිනේ වෙනත් රෝහලක මෙම සැත්කම සිදුකර ඇතැයි තොරතුරු නොමැති බවයි.
දකුණු ආසියාවේ රෝහල් කිහිපයක පමණක් සිදුකර ඇති මෙම සැත්කම ඉන්දියාවේ පවා සිදුකර ඇත්තේ මීට මාස 10 කට පමණ ඉහතදී බවට තොරතුරු පවතින අතර දකුණු ආසියාවේ රෝහලක සැත්කම සිදු කළ 4 වැනි අවස්ථාව බවයි වෛද්‍යවරයා පෙන්වා දෙන්නේ.
ගෙලෙහි කැපුම් යොදා සිදු කරන සැත්කම්වලින් ඇතිවන භාහිර පෙනුම හේතුවෙන් ඇතැම් පිරිස් අකමැති වීම හමුවේ මෙම සැත්කම සිදු කෙරෙනවා.
ශල්‍යකර්මයෙන් පසු අවම වේදනාවකින් සහ අවම රුධිර වහනයකින් යුක්ත වීම මෙන්ම ගෙලෙහි තුවාල කැලැල් ඇති නොවීම ද මෙම ශල්‍යකර්මයේ විශේෂත්වයක්.
තාක්ෂණික දෝශ නොමැති නම් සුලු වේලාවකින් සැත්කම සිදු කිරීමට හැකි බව ද විශේෂඥ වෛද්‍ය රිස්නි සකාෆ් සඳහන් කළා.
ඡායාරූප – කුලියාපිටිය උපේන්ද්‍ර