ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ නව සභාපති වශයෙන් මංගල පී.බී. යාපා පත් කර තිබෙනවා.
ඔහු අද (11) පෙරවරුවේ ජනාධිපති නිල නිවසේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අතින් සිය පත්වීම් ලිපිය ලබාගත්තා.
මේ අතර කොළඹ විශ්ව විද්‍යාලයේ නව උපකුලපති වශයෙන් ජ්‍යෙෂ්ඨ මහාචාර්ය චන්ද්‍රිකා විජේරත්න පත් කර ඇති අතර ඇයද ජනාධිපතිවරයා අතින් අද (11) පෙරවරුවේ සිය පත්වීම් ලිපිය ලබා ගත් බවයි ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ.
