Gossips

ශ්‍රී ලංකාව 96/6

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඕස්ට්‍රේලියාව අතර පැවැත්වෙන පළමු දිවා රාත්‍රි ටෙස්ට් තරගය බ්‍රිස්බේන් නුවර – ගැබා ක්‍රීඩාංගනයේදී අද ආරම්භ වුණා.
කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා නායක දිනේෂ් චන්දිමාල් තීරණය කළේ පළමුවෙන් පන්දුවට පහරදීමටයි.
ඒ අනුව මේ වනවිට පන්දුවට පහරදෙන ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලූ 6ක් දැවී ලකුණු 96ක් ලබා සිටිනවා.
ශ්‍රී ලංකාව ඕස්ට්‍රේලියාවේදී මෙතෙක් ටෙස්ට් තරගයක් ජයග්‍රහණය කර නොමැති අතර, 1988 වසරෙන් පසු ගැබා ක්‍රීඩාංගණයේදී ඕස්ට්‍රේලියානු කණ්ඩායම ටෙස්ට් තරගයක් පරාජයට පත් නොවීම විශේෂත්වයක්.