Gossips

ශ්‍රී ලංකාව 312 ක් ඉදිරියෙන්

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර ඩකා නුවර පැවැත්වෙන දෙවන ටෙස්ට් තරඟයේ තුන්වන දිනය අදයි.
ඊයේ (09) දිනයේ තරඟය නිමා වන විට ශ්‍රී ලංකා කණ්ඩායම දෙවන ඉනිම වෙනුවෙන් කඩුලු 8ක් දැවී ලකුණු 200 ක් ලබා සිටියා.
බංග්ලාදේශ පළමු ඉනිම ලකුණු 110කට සීමා වූ අතර, ශ්‍රී ලංකා කණ්ඩායම පළමු ඉනිමේදී රැස් කළ ලකුණු සංඛ්‍යාව 222ක්.
ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම, මේ වන විට බංග්ලාදේශ කණ්ඩායමට වඩා ලකුණු 312 ක් ඉදිරියෙන් පසුවනවා.