Gossips

ශ්‍රී ලංකාව සහ රුවන්ඩාව අතර ආරක්ෂක ගිවිසුමක්

ශ්‍රී ලංකාව සහ රුවන්ඩාව අතර ආරක්ෂක ක්ෂේත්‍රයේ සහයෝගීතාව පිළිබඳව අවබෝධතා ගිවිසුමක් ඇති කරගැනීම සඳහා කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.
දෙරටේ හමුදා සහයෝගීතාව වර්ධනය කිරීම සඳහා පහසුකම් වර්ධනය කිරීමේ අරමුණින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඉදිරිපත් කළ යෝජනාවටයි මෙලෙස අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවී ඇත්තේ.