Gossips

ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර තරඟය හෙට

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ නවසීලන්තය අතර තරග තුනකින් සමන්විත එක්දින තරඟාවලිය හෙට ආරම්භ වනවා.
පලමු තරගය මෙරට වේලාවෙන් උදැසන 6.30 මොන්ගැනුවෙයි හිදි ආරම්භ වනු ඇති.
මේ වන විට දෙරට අතර මෙතෙක් පැවති එක්දින තරග 95න් නවසිලන්තය තරග 45 ක් ජයගෙන ඇති අතර තරග 41 ක් ශ්‍රී ලංකාව ජයගෙන තිබෙනවා.
දෙරට අතර පැවත්වෙන පන්දුවාර විස්සයි විස්ස තරඟය ලබන 11 වනදා ඔක්ලන්ඞ් හිදි ආරම්භ විමට නියමිතයි.
එක්දින සහ පන්දුවාර විස්සයි විස්ස තරග සදහා ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයා ලෙස ලසිත් මාලිංග කටයුතු කරන අතර දෙවන ටෙස්ට් තරගයේ දී අබාධයට ලක් වු ඇන්ජලෝ මැතිව්ස් වෙනුවට සදීර සමරවික්‍රම කණ්ඩායමට කැදවා තිබෙනවා.