Gossips

ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර තරඟයට පෙර යන ගමන

ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර පැවැත්වීමට නියමිත ක්‍රිකට් තරඟාවලියට පෙර පැවැත්වෙන විශේෂ පුහුණුවක් පිළිබඳව මේ වනවිට බොහෝදෙනෙකුගේ අවධානය යොමුව තිබෙනවා.
මෙලෙස විශේෂ පුහුණු සැසියකට සහභාගී වීමට සූදානම් බවට විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ දකුණු අප්‍රිකා කණ්ඩායමයි.
අදාළ පුහුණු සැසිය ඉන්දියාවේ පැවැත්වීමට මේ වනවිට කටයුතු සූදානම් කර ඇති බවටයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර ඇත්තේ.
ඒ ඉන්දියාවේ මුම්බායි නගරයේයි.
සතියක කාලයක් පැවත්වෙන මෙම පුහුණු සැසිය සඳහා දකුණු අප්‍රිකාවේ පළමු ක්‍රීඩකයන් මෙන්ම ටෙස්ට් ක්‍රීඩකයන් ද ඇතුලත් බවයි එම වාර්තා පෙන්වාදෙන්නේ.
දකුණු අප්‍රිකා කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර ටෙස්ට් තරග දෙකක්, එක්දින තරඟ පහක් හා විස්සයි 20 තරගයක් ශ්‍රී ලංකාවේදි පැවැත්වීමට නියමිතයි.