එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් සම්මත වූ යෝජනාවට එරෙහිව යුක්තිය පිළිබඳ ජාත්‍යන්තර අධිකරණයට යාමේ හැකියාවක් ඇති බව නොබෙල් සාම ත්‍යාගයට යෝජනා වූ මහාචාර්ය මහමත් සුකෘ ගුසෙල් මහතා පවසනවා.
ඔහු මේ බව සඳහන් කළේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ සමාන්තර සැසිවාරයක් අමතමින්.
මහාචාර්ය මහමත් සුකෘ ගුසෙල් මුලසුන හෙබ වූ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ සමාන්තර සැසිවාරයක් ඊයේ පැවැත්වුණා.
මේ සඳහා ජගත් දේශප්‍රේමී ලාංකික සංසදයේ නියෝජිතයින්ද එක්ව සිටියා.
