Gossips

ශ්‍රී ලංකාව සමඟ සබඳතා තවදුරටත් ශක්තිමත් කරන බව පිලිපීන ජනපති කියයි

ශ්‍රී ලංකාව සමඟ ඉදිරියේදී පුළුල් සබඳතාවක් ඇති කර ගැනීමට පිලිපීනය සූදානම් බව එරට ජනාධිපති රොඞ්රිගෝ ඩුටර්ටි පවසනවා.
පිලිපීනයේ සිව් දින රාජ්‍ය සංචාරයක නිරත වන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඊයේ එරට ජනාධිපතිවරයා සමඟ නිළ හමුව සිදුකෙරුණා. එහිදී අදහස් දක්වමිනුයි පිලිපීන ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ.
එහිදී ඔහු වැඩිදුරටත් සඳහන් කළේ මත්ද්‍රව්‍ය ජාවාරම වැළැක්වීම වැනි අභියෝගවලදී ශ්‍රී ලංකාව සමඟ සමීප සබඳතාවක් ගොඩනැගීමට පිලිපීනය සූදානම් බවයි.
මෙහිදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සඳහන් කර ඇත්තේ ශ්‍රී ලංකා – පිලිපීන සබඳතා ශක්තිමත් කර නව මාවතකට ගෙන ඒම තම අපේක්ෂාව බවයි.
මෙහිදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන එරට ජනාධිපතිවරයාගෙන් ඉල්ලා ඇත්තේ නුදුරු දිනෙකදී ශ්‍රී ලංකාවේ සංචාරයක් සඳහා පැමිණෙන ලෙසයි.