Gossips

ශ්‍රී ලංකාව, යුරෝපා සංගමයේ අවදානම් ලැයිස්තුවට

මූල්‍ය විශුද්ධිකරණය සහ ත්‍රස්තවාදී මූල්‍යකරණය සඳහා අවදානම් පවතින රටවල් ලැයිස්තුවට යුරෝපා සංගමය විසින් ශ්‍රී ලංකාව ද ඇතුළත් කර තිබෙනවා.
ඒ, එම අවදානම් වැළැක්වීම සඳහා යුරෝපා සංගමය ලබාදී ඇති නිර්නායක අනුව කටයුතු නොකිරීම හේතුවෙන්.
ඒ අනුව ශ්‍රී ලංකාව සමඟ බැංකුමය කටයුතු දැඩි අවධානයකින් සිදුකළ යුතු බවට නිර්දේශ කෙරෙනවා.
යුරෝපා සංගමය මගින් 2019 වසර සඳහා එවැනි රටවල් 23ක අසාදු ලැයිස්තුවක් සකස් කර ඇති අතර, ශ්‍රී ලංකාව නම් කර ඇත්තේ එහි 8 වන ස්ථානයටයි.
ඉරානය, පාකිස්තානය සහ සිරියාව ද එම ලැයිස්තුවට ඇතුළත්.
එමෙන්ම බොස්නියාව, ගයානා, ලා ඕසය, උගන්ඩාව සහ වනවාටු එම ලැයිස්තුවෙන් ඉවත් කිරීමට ද පියවර ගැනුණා.
යුරෝපා සංගමය විසින් පදනම් කර ගන්නා මූල්‍ය කාර්ය සාධක බලකාය මගින් ද ශ්‍රී ලංකාව මූල්‍ය ක්‍රියාකාරීත්වයේ අවදානම සහිත රටවල් 12ක ලැයිස්තුවකට ඇතුළත් කර තිබෙනවා.