Gossips

ශ්‍රී ලංකාව දෙවන ඉනිමේ 151/3

ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර කොළඹ එස්.එස්.සී පිටියේ පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගයේ දෙවන දිනය අද නිමා වනවිට දෙවන ඉනිම වෙනුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලූ 3ක් දැවී ලකුණු 151 ක් ලබා සිටියා.
ශ්‍රී ලංකාව පළමු ඉනිමේදී සියලූදෙනා දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 338 ක්.
එහිදී දකුණු අප්‍රිකාවේ කේෂව් මහරාජ් ශ්‍රී ලංකා පිලේ කඩුලූ 9 ක් බිද හෙලූවා.
කෙසේ වෙතත්, දකුණු අප්‍රිකා පළමු ඉනිම ද ලකුණු 124 කට සීමා කිරීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් සමත් වුණා.
අකිල ධනංජය එහිදී ලකුණු 52 කට කඩුලූ 5 ක් බිද දැමුවා.
ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම මේ වනවිට දකුණු අප්‍රිකානුවන්ට වඩා ලකුණු 365 ක් ඉදිරියෙන් සිටිනවා.