Gossips

ශ්‍රී ලංකාව දකුණු අප්‍රිකාවේදී තවත් පරාජයක් වැලද ගනී

ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර පැවැති තුන්වන විස්සයි විස්ස තරඟයෙන් ශ්‍රී ලංකාව ලකුණු 45ක පරාජයක් ලැබුවා.
තරඟයේ පළමුව පන්දුවට පහර දුන් දකුණු අප්‍රිකා කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 2කට ලකුණු 198ක් ලබා ගැනීමට සමත් වුණා.
දකුණු අප්‍රිකාව වෙනුවෙන් රිසා හෙන්ද්‍රිකස් ලකුණු 66ක් ලබා ගත් අතර Dwaine Pretorius ලකුණු 77ක් රැස් කළා.
ලකුණු 199ක ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 6කට ලකුණු 110ක් ලබා සිටි අවස්ථාවේදී තරඟයට වැස්සෙන් බාධා ඇති වුණා.
ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායමට ඩක්වත් ලුවිස් ක්‍රමයට අනුව පන්දු 35කදී ලකුණු 72ක් ලබා ගත යුතුව තිබුණා.
කෙසේ වෙතත් ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවාර 15යි පන්දු 4කදී ලබා ගත හැකි වුයේ සියලු දෙනා දැවී ලකුණු 137ක් පමණයි.
ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් නිරෝෂන් දික්වැල්ල ලකුණු 38ක් සහ ඉසුරු උදාන ලකුණු 36ක් ලබා ගැනීමට සමත් වුණා.
Dwaine Pretorius තරඟයේ වීරයා ලෙස සම්මානයෙන් පිදුම් ලැබූ අතර රිසා හෙන්ඩ්‍රීකස් තරඟාවලියේ වීරයා සම්මානයෙන් පිදුම් ලැබුවා.