Gossips

ශ්‍රී ලංකාව ජාත්‍යන්තර අධිකරණයකට ගෙන යා නොහැකි බවට ඉන්දියාවෙන් ප්‍රකාශයක්

ජගත් මානව හිමිකම් මණ්ඩලය ශ්‍රී ලංකාවට ලබාදී ඇති නිර්දේශ ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතියක් ලබා ඇති බව ජිනිවා නුවර ජගත් සංවිධානයේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත රවිනාථ ආරියසිංහ ප්‍රකාශ කළා.
එමෙන්ම නව ත්‍රස්ත මර්දන පනත මානව හිමිකම් සුරක්ෂිත වන අයුරින් ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව සකස් කරන බව ද ඔහු කියා සිටියා.
ශ්‍රී ලංකාව පිළිබඳ විශ්ව කාලාවර්තක වාර්තාව ජිනිවා මානව හිමිකම් මණ්ඩලයේ 37 වන සැසි වාරයේදී ඊයේ (19) සම්මත කර ගැනුණා.
එහිදී අදහස් දක්වමින් ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිතවරයා වැඩිදුරටත් කියා සිටියේ බලහත්කාර පැහැර ගැනීම් සාපරාධී අපරාධයක් බවට පත් කිරීමට රජය කටයුතු කර ඇති බවයි.
මේ අතර, ශ්‍රී ලංකාවට එරෙහිව ජාත්‍යන්තර අපරාධ අධිකරණයේ නඩුවක් ගොනු කිරීමට විදේශ රටකට හැකියාවක් නොමැති බව ඉන්දියාව ඊයේ තහවුරු කළා.
ඒ, මදුරාසි මහාධිකරණය වෙත දිවුරුම් ප්‍රකාශයක් ඉදිරිපත් කරමින්.
තමිල්නාඩු ධීවරයන් ශ්‍රී ලංකා මුහුදු තීරයේදී මෙරට ආරක්ෂක අංශවල ප්‍රහාරවලට ලක්වන බවට එම අධිකරණය වෙත පෙත්සමක් ඉදිරිපත් වී තිබුණා.
එමගින් ඉල්ලා ඇත්තේ ඒ පිළිබදව ශ්‍රී ලංකාවට එරෙහිව ජාත්‍යන්තර අධිකරණයට පැමිණිලි කිරීමට ඉන්දීය මධ්‍යම රජය පියවර ගත යුතු බවටයි.
කෙසේ නමුත් මානව හිමිකම් සම්මුතීන් ඇතුළු සියළු ජාත්‍යන්තර සම්මුතීන්ට අදාළව ශ්‍රී ලංකාවට එරෙහිව ජාත්‍යන්තර අධිකරණයේ නඩුවක් ගොනු කිරීම සඳහා නීතිමය පදනමක් නොමැති බව ඉන්දීය මධ්‍යම රජය ඉදිරිපත් කළ ගොනු කිරීමේ සඳහන්.