Gossips

ශ්‍රී ලංකාව ගැන මහ කොමසාරිස්වරියගේ වාර්තාව ජිනීවා මානව හිමිකම් මණ්ඩලයට

ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් සිය කාර්යාලය සකස් කළ වාර්තාව ජගත් මහකොමසාරිස් මිෂෙල් බැචෙලෙට් විසින් මීට ටික වේලාවකට පෙර ජිනීවා මානව හිමිකම් සමුළුවට ඉදිරිපත් කළා.
ශ්‍රී ලංකාවේ සංහිඳියාව, වගවීම සහ මානව හිමිකම් ප්‍රවර්ධනය සම්බන්ධයෙන් මෙහි කරුණු ඇතුළත් වන අතර, මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව විසින් සම අනුග්‍රහය දක්වා ඇති යෝජනාව හෙට දිනයේදී සළකා බැලීමටයි නියමිතව ඇත්තේ.
පසුව අදාළ වාර්තාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව පාර්ශවයෙන් කරුණු දැක්වීම සිදුවූ අතර, ඉන් අනතුරුව තවත් රටවල් කිහිපයක නියෝජිතයන් ඒ සම්බන්ධයෙන් පැහැදිළි කිරීම් සිදුකළා.