Gossips

ශ්‍රී ලංකාව ගැන ඇගයීමක් කර නැහැ – IMF

ශ්‍රී ලංකාවේ වාතාවරණය පිළිබදව අවධානයෙන් පසුවන අතර දේශපාලන අර්බුදය සිය ණය වැඩසටහනට බලපාන ආකාරය ගැන ඇගයීමක් සිදුකර නොමැති බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසනවා.
එහි ප්‍රකාශක, ගැරී රයිස් කියා සිටියේ මූල්‍ය අරමුදල දේශපාලන හස්තයක් නොවන බවයි.
ශ්‍රී ලංකාව සමඟ අඛණ්ඩව තාක්ෂණික මට්ටමේ සාකච්ඡා සිදුකරන බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කළා.
මූල්‍ය අරමුදලේ කොන්දේසියක් ලෙස පසුගිය රජය ක්‍රියාත්මක කර තිබූ ඉන්ධන මිල සූත්‍රය වෙනස් කරන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ දැනටමත් ප්‍රකාශ කර තිබෙනවා.